හසි​ත් ගුණසේක​ර

සියනැ​වේ තරුන දේශපාලනය.

හසි​ත් ගුණසේක​ර

සියනැ​වේ තරුන දේශපාලනය.

රටේ අනාගතය වෙනුවෙන් අලුත් මුල් ගොඩනගන්න කාලයයි.

රටේ අනාගතය වෙනුවෙන් අලුත් මුල් ගොඩනගන්න කාලයයි.

මව්බිම සමෘද්ධිමත් දේශයක් කරා මෙහෙයවමින් සියලු පුරවැසියන්ගේ ජන ජීවිතය සුරක්ෂිත කරවීම මගේ ඒකායන අභිප්‍රායයි. ” එක්වෙමු, කැපවෙමු, ජයගමු.

අපගේ අරමුණූ.

ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

සමාජ වෙළෙඳපළ ආර්ථික ආකෘතියක් හරහා වර්ධනයේ ප්‍රතිලාභ සැමට ලැබෙන බවට තහවුරු කරමින් සාධාරණ වර්ධනයක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර, ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ සහ සමෘද්ධිමත් සංවර්ධනයක් කරා යන මාවතේදී විනිවිදභාවයත්, තිරසාරභාවයත් සහ සියලු පුරවැසියන්ට ශක්තියක් වනු ඇති බවටත් සහතික කරමු.

සෑම පුරවැසියෙකුම බලගැන්වීම


අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ සමාජ සේවා සඳහා සෑම පුරවැසියෙකුටම සමාන ප්‍රවේශයක් සහතික කිරීමට කැපවී සිටින අතර, “සක්වල” සහ “හුස්ම” වැනි නව්‍ය ව්‍යාපෘතීන්වල සහාය ලබා ගනිමින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය මෙන්ම කිසිදු ජන කණ්ඩායමක් අත් නොහැරෙන සේ, සෑම පුද්ගලයෙකුටම සාර්ථක විය හැකි ස්වයංපෝෂිත සමාජයක් ගොඩනගමු.

රාජ්‍ය සේවය නංවාලීම

ඩිජිටල් පොදු යටිතල පහසුකම් හරහා රාජ්‍ය සේවා සැපයීම නවීකරණය කිරීමට අරමුණු කරන අතරම, කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ ප්‍රවේශ්‍යතාව සහතික කරමින් සියලු ශ්‍රී ලාංකිකයන්ට සේවය කිරීම සඳහා කුසලතාවයෙන් සහ වගවීමෙන් යුත් රාජ්‍ය සේවයක් බිහි කිරීමට කටයුතු කරමු.

ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම


“ජන සවිය”, “සමෘද්ධි”, “අස්වැසුම”, “ගැමිදිරිය” යන සමාජ ආරක්ෂණ වැඩසටහන්වල යහභාවිතයන් උකහා ගනිමින්, පුළුල් නව වැඩපිළිවෙලක් සකස් කරමින් දිළිඳුකම ඉතිහාසයේ කොටසක් බවට පත් කරනු ඇත.

රාජ්‍ය ආරක්ෂාව


සංහිඳියාවෙන්, සහජීවනයෙන් හා සුරක්ෂිත බවෙන් යුත් ආරක්ෂිත ශ්‍රී ලංකාවක් සඳහා ජාතික ආරක්ෂාව සහ පාරිසරික තිරසරභාවය සහතික කරන අතරම, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීම සහ සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කැපවී කටයුතු කරමු.

සම්බන්ධ කරනගන්න.

වේලාවක් වෙන් කරගන්න.

Copyright By hasithgunasekara.com

Copyright By hasithgunasekara.com